අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනකලාවන් හා ජනශ්‍රෘතීන් සමාජගත කිරීමට ජනකලා කේන්ද්‍රය මුලපුරයි

    අගෝස්තු 19, 2014

    අස්පර්ශනීය අපේ උරුමයන් සුරැකීම හා සාම්ප්‍රදායික ජන කලාවන් හා ජනශ්‍රෘති සමාජගත කිරීමේ වැඩසටහනක් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.


    මෙම ව්‍යාපෘතිය සෑම මසක ම ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි සමාරම්භක වැඩසටහන වශයෙන් රට යකුම හෙවත් රිද්දියාගය ශාන්තිකර්මය පිළිබඳව ශාස්ත්‍රීය දේශනයක් හා නර්ථනාංග රඟ දැක්වීමක් මේ මස මස 26 වැනි දින ප.ව. 5.00 සිට ප.ව. 8.00 දක්වා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

     මෙහි ප්‍රධාන දේශනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා නර්ථන කලා පීඨයේ මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා විසින් පවත්වනු ලබන අතර, නර්ථනාංග ඉදිරිපත් කිරීම පහතරට පාරම්පරික නර්ථන ශිල්පීන්ගේ දායකත්වයෙන් සිදුකෙරේ. මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රධාන අරමුණු වශයෙන් ගැබිණි මව්වරුන් හා දරු සම්පත් අපේක්ෂා කරන මව්වරුන් සඳහාත්, නර්ථන විෂය හදාරණ පාසල් සිසුන්, අනෙකුත් දරුවන්ගේ අපේ අස්පර්ශනීය උරුමයන් ගැන දැනුම වර්ධනය කර ගැනීමටත්, ජන කලාවන් හා ජනශ්‍රෘතීන් පිළිබඳ පර්යේෂණ පවත්වනු ලබන පර්යේෂකයින්ගේ ප්‍රයෝජනය සඳහාත්, අදාළ ක්ෂේත්‍රයන් හා ජන කලාවන් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ආදි සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.  

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya