අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල දිවි රගමඩලෙන් නික්ම යයි

    ඔක්තෝබර් 16, 2020

    ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.


    අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්ත වී ඇත. ඇය මියයන විට 73 වන වියේ පසු වුවාය.


    වේදිකා නාට්‍ය වල කැපීපෙනෙන රංගන ශිල්පිනියක වශයෙන් සිය දක්ෂතා විදහාපෑ අනුලා බුලත්සිංහලයන් ප්‍රථමයෙන් වේදිකාවට පිවිසෙන්නේ 1967 වසරේදී ආර් ආර් සමරකෝන් මහතාගේ “ලෙඩක් නැති ලෙඩෙක්” නම් වේදිකා නාට්‍යයෙනි.


    පසුව ඇය 1974දී රතු හැට්ටකාරී නම් වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධියට පත්විය. එමෙන්ම තාරාවෝ ඉඟිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවල ද නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලට ද ඇය රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂක මනසෙහි ලැගුම් ගත්තාය.


    මෙලෙස කලා ලොව නොමැකෙන මතකයන් ඉතිරිකර ඇය ජීවන රගමඩලින් බැසගොස් ඇත.ඇයගේ රංගනයට ආදරය කළ සුවහසක් ප්‍රේක්ෂකයන් වශයෙන් අප සැවොම ඇයට නිවන් සුව පතමු..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya