අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය ඇස්.පණීභාරතයන්ගේ සියවැනි ජන්ම දිනය සැමරේ

    පෙබරවාරි 23, 2020

    පෙබරවාරි මස 24 වන දිනට යෙදෙන ආචාර්ය ඇස්.පණීභාරතයන්ගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන ජාතික නර්තන දින සැමරුම් උළෙල පෙබරවාරි මස 24 වන දින පෙ.ව.10.00 ට අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.


    එදින ප්‍රවීණ ගේයපද රචක බණ්ඩාර ඇහැලියගොඩගේ සංස්කරණය කරන ලද ආචාර්ය පණීභාරතයන් පිළිබඳ ලියැවුණු “ගුරුදේව පණීභාරත” ග්‍රන්ථය ජනගත කිරීම හා සමරු මුද්දරයක් නිතුක් කිරීමට කටයුතු යොදා ඇත.
    ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ හා කේරළයේ කලා මණ්ඩලයේ අධ්‍යාපනය ලද එතුමා ශ්‍රී ලංකාවේ සෞන්දර්ය ආයතනයේ ප්‍රධානියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ අතර උඩරට ,පහතරට, සබරගමු යන සම්ප්‍රදායන් තුනම ප්‍රගුණ කර ඇත. ගැමි නැටුම්, නාරිලතා ,ගොයම් කැපීම, වැනි නර්තන හා හත්පත්තිනි , පොරපොල් පිටිය, ග්‍රහ අපලය වැනි මුද්‍රා නාට්‍යයද නිර්මාණය කළ එතුමා දක්ෂ වාදකයෙකු, කථක් හා මණිපුරි ශිල්පියෙක් ද වන අතර චිත්‍ර ශිල්පයට හා මෘදංගම් වාදනයට ඉමහත් දක්ෂතාවයක් දැක්වු අතර එතුමා ප්‍රවීණ බලි ඇදුරකුද වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya