අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ලෝක ගුවන් විදුලි දිනයයි

    පෙබරවාරි 13, 2020

    යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම පෙබරවාරි 13 ‘ලෝක ගුවන් විදුලි දිනය’ ලෙස නම් කර තිබේ. ඒ අනුව, මෙවර තේමාව වන්නේ ගුවන්විදුලිය සහ විවිධත්වය යි.


    රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි, ගුවන්විදුලියේ නිර්මාතෘ වේ.
    ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේ දී ය. ඒ අනුව, යුනෙස්කෝ සංවිධානය මගින් ගුවන්විදුලි සංවිධාන, රාජ්‍ය පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පොදුජන අදහස් විමසුමට ලක් කරන ලදී.
    මෙම අරමුණ සඳහා 95% කගේ කැමැත්ත යුනෙස්කෝ සංවිධානයට ලැබීමත් සමඟ බී.බී.සී ආයතනය ඇතුළු ප්‍රමුඛ ගුවන්විදුලි සංවිධාන ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාවට ප්‍රසාදය පළ කරන ලදී.
    මෙම පදනම යටතේ 2011 සැප්තැම්බර් 29 වනදා යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුව මගින් පෙබරවාරි 13 “ලෝක ගුවන්විදුලි දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යෙදිණි.
    පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කර තිබුණේ 1946 පෙබරවාරි මස 13 වන දා වීමයි.
    ඒ අනුව, යුනෙස්කෝ සංවිධානය ස්වකීය යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2011 වර්ෂයේ දී එය පිළිගැනීමට ලක් විය. මේ අනුව 2012 වර්ෂයේ දී පළමු ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ස්වකීය රාජ්‍යවල පවත් වන ලදී. ඒ ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගෙන වසර 118 කට පමණ පසුව වීමත් විශේෂත්වයකි. එපමණක් නොව,

    ගුවන් විදුලි ශිල්පීන් අතර ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු ප්‍රවේශය වර්ධනය කිරීම උදෙසා ප්‍රධාන මාධ්‍ය ජාලයන් හා ප්‍රජා ගුවන්විදුලි සේවාවන් උනන්දු කරවීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා ගුවන් විදුලි තරංග ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම ආදීය ද පෙබරවාරි 13 වන දින ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කිරීමේ අරමුණු අතර කැපී පෙනෙයි. ලොව ගුවන්විදුලි මධ්‍යස්ථාන 44,000 කට අධික බව යුනෙස්කෝ ආයතනය ප්‍රකාශ කර ඇත. එමෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල නිවෙස්වල 75%ක් පමණ ගුවන්විදුලි යන්ත්‍ර තවමත් භාවිත කරනු ලබයි
    සාක්ෂරතාව පහළ මට්ටමක පවතින අප්‍රිකානු ලතින් ඇමරිකානු රටවල සංවර්ධන, අධ්‍යාපනික පණිවිඩ ජනගත කරනු ලබන්නේ ද ප්‍රධාන වශයෙන් ගුවන්විදුලිය ඔස්සේ වීම ද විශේෂත්වයකි.
    මෙරට ගුවන්විදුලි ඉතිහාසයට මේ වන විට දශක 9 ක් පමණ වේ. ගුවන්විදුලිය, 1920 දශකයේ සිට මෙරට ජන හදවත් වලට සමීප වුයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමිනි. ශ්‍රී ලාංකේය ගුවන්විදුලි වංශ කථාවේ නව පිටුවක් පෙරළනු ලැබුවේ 1990 දශකයේ සිට පෞද්ගලික අංශය සඳහා විකාශන බලපත්‍ර ලබා දීමත් සමගිනි.
    මෙරට දී ලෝක ගුවන් විදුලි දිනය ප්‍රථම වතාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් 2016 පෙබරවාරි 13 වන දින පස්වරුවේ කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.
    ලොව පළමු ගුවන් විදුලිය බී.බී.සී. වන අතර දකුණු ආසියාවේ පළමු ගුවන් විදුලිය ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශයක් ආරම්භ කෙරිණි. පළමුව වැඩි වශයෙන් පටිගත කළ වැඩසටහන් ප්‍රචාරය වූ අතර ක්‍රම ක්‍රමයෙන් ගුවන්විදුලිය
    විකාශනය වීමත් සමඟ එහි සජීව වැඩසටහන් විකාශය වීම සිදු විය. ගුවන් විදුලි මාධ්‍ය මෙලොව බිහිවී අද වනවිට වසර දහසක් ඉක්මවා ගොසිනි. මිනිසා හා ජනමාධ්‍ය අතර වඩාත් සමීප බවක් ඇතිවූයේ ශබ්ද මාධ්‍ය හෙවත් ගුවන් විදුලිය බිහිවී එය ප්‍රචලිත වීමත් සමගය. ගුවන් විදුලිය හැදින්වීම සදහා වර්තමානයේ රේඩියෝ (Radio) යන්න භාවිතා කල ද මුල් යුගයේ එය හැඳින්වූයේ වයර්ලස්(Wireles) යන නමිනි. වයර්ලස් නැතිනම් රේඩියෝව බිහිවීම ලොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති වීමට හේතු වී ඇත.
    1920 දශකයේ සිට ගුවන්විදුලිය මෙරට ජන හදවත් වලට සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමිනී. වර්තමානය වන විට ශ්‍රි ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ගුවන්විදුලි සේවා 50 කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඒ සෑම සේවාවකටම යම් කිසි විවිධත්වයන් එක් වී ජනතාවට හරවත් දේ ලං කර වීම වඩා වැදගත් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya