අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරච්චන්ද්‍ර ප්‍රණාම නිර්මාණ තරඟාවලිය

    ජනවාරි 16, 2020

    මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට හා දේශීය නාට්‍ය කලාවේ ප්‍රගමනයට සිදුකළ මෙහෙවර අගැයීම සහ රටේ අනාගත දරු පරපුර උසස් රස වින්දන ශක්තියෙන් හෙබි ප්‍රජාවක් බිහිකිරීමත් අරමුණු කර ගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ එදිරිවීර සරත්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ප්‍රථම වරට සරච්චන්ද්‍ර ප්‍රණාම තරඟාවලිය සංවිධානය කර ඇත.

    ගද්‍ය රචනා, පද්‍ය රචනා, නිර්මාණ විමර්ශන හා චිත්‍ර තරගය සදහා කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ යටතේ සහභාගි විය හැකි අතර සදැස්, නිසදැස්, කෙටිකථා විචාරය, නවකථා විචාරය, නාට්‍ය විචාරය, නාට්‍යමය අවස්ථා හා ආලේඛ්‍ය චිත්‍ර අනෙක් තරග අංශයන් වේ.

    රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම පාසැලක 9 වසර සිට 13 වසර දක්වා වන ශ්‍රේණිවල ඉගෙනුම ලබ ඕනෑම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට මෙම තරග සදහා සහභාගි විය හැක.

    සියලුම නිර්මාණ 2019 මාර්තු 15 වන දිනට පෙර ස්ථානභාර නිලධාරී , එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය, තලංගම උතුර, හීනටිකුඹුර, කොස්වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට ඉදිරිපත් කළ යුතුය.

    වැඩිදුර තොරතුරු දිවයිනේ ඕනෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංස්කෘතික නිලධාරි මගින් හෝ එදිරිවීර සරච්චන්ද්‍ර පුහුණු හා පර්යේෂණ ආයතනයේ 0112791521 යන දුරකථන අංකයට ඇමතීමෙන් දැනගත හැකිය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya