අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයේ දී රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්‍ර/මූර්ති, ලී කැටයම් නිර්මාණ ප්‍රදර්ශනය කොළඹ දී

    දෙසැම්බර් 05, 2019

    යුද්ධයේ දී රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්‍ර/මූර්ති, ලී කැටයම් හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය දෙසැම්බර් 12 සහ 13 දෙදින කොළඹ ජේ.ඩී.ඒ.කලාගාරයේ දී පැවැත්වේ.

    දශක තුනකට ආසන්න යුද්ධයේ දී ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රණක්ෂිතයට පත් රණවිරුවන් දිවි ඇති තෙක් රැක බලා ගැනීමට ස්ථාපිත රණවිරු සෙවණ, අභිමන්සල 1,2,3 සහ මිහිඳු සෙත් මැදුර යන සුවසහන මධ්‍යස්ථාන මෙන්ම රණවිරු සම්පත් කේන්ද්‍රය වෙතිත් පුහුණු පාඨමාලා හදාරන රණවිරුවන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන යටතේ ස්ථාපනය කර ඇති රෙජිමේන්තු මූලස්ථාන බළඇණියන්හි පුනරුත්ථාපනය ලබන රණවිරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම, කලාත්මක හැඟීම් නිර්මාණාත්මකව එළිදැක්වීම, ඔවුන් ඇගයීම සහ ධෛර්යමත් කිරීම අරමුණු කරගෙන ''උට්ඨාන විර්යය'' චිත්‍ර/මූර්ති, කැටයම් හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2019.12.12 සහ 13 යන දෙදින තුළ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේ දී යුධහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව යුධහමුදා
    පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශිරාල් අබේසේකර මහතා අද (05) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.


    මෙම ප්‍රදර්ශනය 2019.12.12 වන දින 1830 පැයට සමාරම්භ කිරීමට නියමිත අතර 2019.12.13 වන දින පෙරවරු 0900 පැයේ සිට 2000 පැය දක්වා මහජනතාවට විවෘතව පවතී. එහිදී පුනරුත්ථාපනය ලබන රණවිරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් දැකබල ගැනීම සහ ඔවුන්ගේ නිර්මාණ මිල දී ගැනීමටත් පැමිණෙන්නවුන් හට හැකි බව මෙහි දී සඳහන් කරන ලදී.


    මෙම ප්‍රදර්ශනය සඳහා රක්ෂිත රණවිරුවන් 62 කු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 172 ක් , මූර්ති 15 ක්, ලී කැටයම් 34 ක්, අත්කම් නිර්මාණ 203 ක් හා වෙනත් නිර්මාණ 23 ක් පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.


    මෙම මාධ්‍ය හමුව සඳහා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ බ්‍රිගේඩියර් උපුල් වීරකෝන්, මිහිදු සෙත් මැදුර - අත්තිඩිය සේනාධිනායක කර්නල් විජේන්ද්‍ර ගුණතිලක සහ අබිමන්සල - 02 - කඹුරුපිටිය සේනාධිනායක ලුතිනන් කර්නල් දැදිගම යන මහත්වරුන් ද සහභාගී වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya