අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ගායෙන් මං මුදවලා” ගී පද සරණිය හා “දත වැටිලා” කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම නොවැම්බර් 07 දා

    නොවැම්බර් 06, 2019

    ගීත රචක නුවන් කුමාර කටුගම්පලගේ “ගායෙන් මං මුදවලා” ගී පද සරණිය හා “දත වැටිලා” කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම 2019 නොවැම්බර් මස 07 වන දා සවස 2.30 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    එදින ප්‍රධාන දේශනයන් සඳහා කිවියර රත්න ශ්‍රී විජේසිංහ, ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත සහ රන්වල බලකාපති සහන් රන්වල යන මහත්වරුන් සහභාගී වේ.
    මෙහිදී නුවන් කුමාර කටුගම්පලගේ විසින් රචනා කළ ගී රසවින්දනය සඳහා ගීත ගායනයෙන් සේනානායක වේරලියැද්ද, සංගීත් විජේසූරිය සහ සහන් රන්වල ප්‍රමුඛ බලකාය එක් වේ. රංගන දායකත්වය නාලක ස්වර්ණතිලක ප්‍රමුඛ වයිට් ලීෆ් රංග කලා ඇකඩමිය විසින් ඉදිරිපත් කෙරේ.

    නුවන් කුමාර කටුගම්පල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පළපුරුදු සිනමා, වාර්තා චිත්‍රපට සංස්කාරකවරයෙකු ලෙස ද සේවය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya