මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මාධ්‍ය කලාවේ කාන්තා සළකුණ ශ්‍රියා රත්නකාර

    අගෝස්තු 24, 2019

    අප රටේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලා වේදිනියක මෙන්ම ප්‍රථම කාන්තා පුවත්පත් කතුවරිය වූ ශ්‍රියා රත්නකාර මහත්මිය අගෝස්තු 21 වනදා අභාවප්‍රාප්ත වූවාය.

    වර්ෂ 1933 ඔක්තෝබර් මස 10 වැනිදා මහනුවර ඇල්කඩුවේදී උපත ලැබූ ලෙව්කේ බණ්ඩාරගේ සිරිසීලි ශ්‍රියාලතා ජයසේන හුනුගල ගමේ පාසලෙන් (කිඹුල්පිටිය පාසල) හා මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබුවාය. ලෙව්කේ බණ්ඩාරලාගේ ජයසේන වන ඇගේ පියා වතු පාලකයෙකි. මව බදුල්ලේය. ඇය කමලා බස්නායක නම් වූවාය.


    සරල, චාම් ගති පැවතුමෙන් යුතු වයෝවෘධ කාන්තාවක වූ ශ්‍රියා රත්නකාර මහත්මිය නිතර සුදු පැහැ සාරියකින් සැරසී සිටියාය. බොහෝ ඇසූපිරූ තැන් ඇති පුණ්‍යවන්තියක වූ ශ්‍රියා මහත්මියගේ විශේෂ ඉල්ලීමක් පරිදි ඇයගේ අවසන් කටයුතු පැය කිහිපයක් ඇතුළතදී පවුලේ සමීපතම ඥාතීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.


    ලංකාවේ ප්‍රථම කාන්තා පුවත්පත වූ ලංකාදීප කාර්යාලයෙන් නිකුත්වූ වනිතා විත්ති පුවත්පතේ සංස්කාරිකාව වූ ඇය පසුව ශ්‍රී සගරාවේද සංස්කාරිකවරිය ලෙස එදා අංකුර ලේඛක ලේඛිකාවන් වූ අද පුවත්පත් ලෝකයේ ඉහල තැන්වල
    වැජඹෙන බොහෝ දෙනෙකු හට අත හිත දුන්නාය. පසු කාලීනව බෞද්ධ පොත් ලිවීමට කැපවූ ඇය, ලියූ පොත් අතර සොදුරු යශෝධරා, බුද්ධ චරිතය, සකුණි දුටු බුදුන් වත, සිනාසෙමින් මිය යමු, මානවිකාවෝ, අපට ජීවත් වෙන්න ඉඩ දෙන්න, මහාමායා දේවී, විහාර මහාදේවී, සුදු හම නිසා, බඩගින්නෙන් යුද්ධ කර ඇත, Children Of the Buddha, The Buddha and Weaver Girl ආදිය කැපී පෙනෙයි.


    දවස පුවත්පත් සමාගමේ SUN පුවත්පතේ විශේෂාංග කතුවරිය මෙන්ම පුස්තකාලාධිපතිනියද ලෙස කටයුතු කල ශ්‍රියා මහත්මිය පුවත්පත් කලාවේදිනියක ලෙස ලංකාදීප කාර්යාලයට බැදෙන්නේ ලංකාදීප කර්තෘ ඩී.බී.ධනපාල මහතා ප්‍රථම කාන්තා පුවත්පත ඇරඹීමට සැලසුම් කරමින් සිටි කාලයේදීය. ඒ අනූව 1957 වසරේ ඇය වනිතා විත්ති පත්‍රයේ කතුවරිය වූවාය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශයේ කථිකාචාර්යවරයෙකු මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුද වූ තිලක් රත්නකාර මහතා සමග අතිනත ගන්නා ශ්‍රියා මහත්මිය පසු කලෙක පුතෙකු සහ දියණියක ලබනවා. පුතු ප්‍රගති, පෞද්ගලික ආයතනයක මහජන සම්බන්ධතා නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන අතර දියණිය සචි දෞපදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික ගෞරව උපාධිධාරිනියකි. ඇය විවාහ වී සිටින්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සමගය.

    අංකුර ලේඛිකාවන්ට අතහිත දෙමින් පුවත්පත් කලාවට මාහැගි මෙහෙවරක් සිදුකර ජීවිත ගමනට විශ්‍රාම ලබාදුන් දයාබර ශ්‍රියා කාන්තාවනි ඔබට නිවන් සුව.!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya