අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හතළිස් වසරක චීනය ඡායා රූප ප්‍රදර්ශනය

    අගෝස්තු 18, 2019

    චීන මහජන සමූහාණ්ඩුවේ 40 වසරක විවෘත ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ, ඉතිහාසය, අත්දැකීම් හා ප්‍රතිලාභ පිළිබඳව ඡායාරූප ප්‍රදර්ශනයක් (16) dhina පස්වරුවේදී , කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී , ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා සහ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චෙංග් ෂුයියුවාං යන මහත්වරුන්‌‌ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    1978 සිට 2018 දක්වා ගතවූ 40 වසර තිස්සේ ඇති කරන ලද ප්‍රතිසංස්කරණ හා විවෘත ප්‍රතිපත්ති මගින් චීන ජනතාවගේ ජීවන සහ සමාජ තත්වයන්හි දීප්තිමත් ප්‍රගමනයක් ඇති වූ ආකාරය විදහා දැක්වෙන ඡායාරූප රැසකින් සමන්විතව තිබූ මෙම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය , ශ්‍රී ලංකා මහජන චීන තානාපති කාර්යාලයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින් සංවිධානය කර තිබිණි.

    චීන ලංකා වෙළඳ සබඳතා දියුණු කර ගනිමින් දෙරට අතර සබඳතා තවදූරටත් වර්ධනය කර ගන්නා බව සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.

    මෙම අවස්ථාවට එක් වූ චීන සමූහාණ්ඩුවේ තානාපති චෙංග් ෂුයියුවාං මහතා පැවසුවේ ඈත අතීතයේ සිට ආරම්භ වූ දෙරට අතර මිත්‍ර සබඳතා ශ්‍රි ලංකාවේ ආර්ථික දියුණුවට යොදා ගත හැකි බවයි.

    මහජන චීන ජනරජය ගෙවී ගිය වසර 40 ක කාලය තුළ විවෘත ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ඉතිහාසය, අත්දැකීම් හා ප්‍රතිලාභ මහජන චීන ජනතාවට ලබාදුන් ආකාරයත්, එය වර්තමාන චීන ජනාධිපති ෂී ජින්පින් (Hon.Xi Jinpin) මහතා සාර්ථකව ඉදිරියට ගෙන යන ආකාරයත්, එහි අත්දැකීම් හා ප්‍රතිලාභ එරට සංවර්ධනයට යොදා ගෙන ඇති ආකාරයත් පිළිබඳව සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පැවැත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා විසින් පැහැදිලි කර දෙන ලදී.

    ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති මහාචාර්ය ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

     

    chinaaee

     

    china exh

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya