අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිවිදභාවයෙන් යුක්තව,ජනාධිපති සිනමා සම්මාන උළෙල පැවැත්වීමට සැදීපැහැදී සිටිනවා- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    ජූලි 23, 2019

    2019 ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර 19 වන වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සෙත්සිරිපායේ දී  අද දින (පූලි 23)  මේ පිළිබඳව  දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ ප්‍රකශ කළේ ය.

    ඒ අනූව, දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය වන ''ජනාධිපති සිනමා සම්මාන උළෙල'' 2016, 2017, සහ 2018 වර්ෂවල තිරගතවූ සිනමා කෘති අගයමින් 2019 ජූලි මස 26 වන දින ප.ව. 06.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ දී පැවැත්වීමට නියමිතය.

    නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙල, සිනමා තරු රැසක් පිරිවරා ගත් අති උත්කර්ෂවත් උළෙලක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

    ඉතාමත් විනිවිද භාවයකින් යුක්තව, නිර්ව්‍යාජව මෙන්ම ඉතාමත් අපක්ෂපාතී ක්‍රමවේදයක් යටතේ මෙම උළෙල ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, චිත්‍රපට සංස්ථාව ඇතුළු සියලුම අනුබද්ධ ආයතන සැදී පැහැදී සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා; අපේ රටේ සිනමා කර්මාන්තය මේ වන විට බරපතල කඩාවැටීමකට ලක්ව තිබෙනවා. ලොව කිසිම රටක සිනමා කර්මාන්තයක් මෙලෙස දරුණු කඩාවැටීමකට ලක්වී නෑ. 2001 වසරේ අපේ රටේ සිනමා ශාලා 378ක් තිබී තිබුණත් වර්තමානයේ පවතින්නේ 184ක්. එයිනුත් ඉහළ ප්‍රමිතියේ සිනමා ශාලා ඇත්තේ 76ක්. ඉතිරි 89 ම ඊ සිනමා ශාලා.

    සිනමා ක්ෂේත්‍රයේ ස්වර්ණතම යුගය දිවන්ගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී චිත්‍රපට සංස්ථාව ඇරඹීමත් සමගම මෙරටට උදා වූ බව අමාත්‍යවරය පැවසීය. ඉන් පසුව 90 දශකයේ මැදභාගයේ විවිධ මණ්ඩල හරහා චිත්‍රපට බෙදාහැරීම තුළ චිත්‍රපට කර්මාන්තයට අතිශය ව්‍යාකූල තත්ත්වයක් උදාවිය. මෙය සිනමා ක්ෂේත්‍රයේ කඩාවැටීමටද එක් බරපතල හේතුවක් විය.

    සිනමා ක්ෂේත්‍රය ගිජුලිහිණියන් කිහිප දෙනෙකුගේ ගොදුරක් බවට අද පත්වී ඇති අතර කිහිපදෙනෙකු විසින් සිය ධන බලය සහ සමාජ බලය යොදා ගනිමින් සිනමා ක්ෂේත්‍රය ඔවුන්ගේ දීර්ෂකාලීන ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන ඇති බවද අමාත්‍යවරයා කීය.

    සිනමා ක්ෂේත්‍රය ඉදිරියට යාමට පුද්ගලික ව්‍යවසායකත්වය, සෘජු ස්ථිර රාජ්‍ය මැදිහත්වීම, පාලනය සහ කළමනාකරණය අත්‍යවශ්‍ය බවත්, සිනමා කර්මාන්තය අංග සම්පූර්ණව පුද්ගලික අංශයට පමණක් සීමා වුණොත් එය අපේ රටේ සිනමා කර්මාන්තයේ මහා විනාශයකට හේතු වන බවත් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    පසුගිය වකවානුව තුළ චිත්‍රපට බෙදාහැරීමට නිර්මාණය වුණු මණ්ඩල හරි ආකාරව, නීත්‍යානුකූලව තමන්ගේ වගකීම ඉටු නොකළ අතර සිනමා ක්ෂේත්‍රය තුළින් ඔවුන් උපරිම ලාභ ලබමින් ස්වකීය පෝෂණය පමණක් සිදුකරගෙන ඇත. කිසිදු දිනක එලෙස ලද වරප්‍රසාද සිනමා ක්ෂේත්‍රයේ දියුණුවට යොදවා නොමැත බවත් පසුගිය වසරේ එවකට අමාත්‍ය ධූරය දැරූ විජේදාස රාජපක්ෂ මහතා නිවැරදි තීන්දුවක් ගැනීම තුළින් නීතිමය ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වුණු බවත් පැවසූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා,සර්ව සාධාරණ ලෙස බලපෑම් සහ ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක විය යුතු බව පැවසීය.

    චිත්‍රපට කර්මාන්තය අපේ රටේ ගොඩනැගීමට සහ ශක්තිමත් වීමට නම් 90 දශකයේ සිට අද දක්වා ක්‍රියාත්මක වුණු ක්‍රමවේදයේ සම්පූර්ණ වෙනසක්, උඩුයටිකුරු වීමක් ක්‍රියාත්මක විය යුතු බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේ ය. චිත්‍රපට සංස්ථාවේ වර්තමාන පාලනාධිකාරිය, සභාපතිතුමිය, ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය බොහෝ පුළුල් ලෙස, දුරදක්නා නුවණින් මෙම වෙනස ඇති කිරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.


    විවිධ කණ්ඩායම් විවිධ ආකාරයෙන් තමන්ගේ ධන බලය, සමාජ බලය සහ දෙස් විදෙස් සම්බන්ධතා උපයෝගී කරගෙන සිනමා කර්මාන්තය රිසිසේ හසුරවන තත්ත්වයට කටයුතු කළ අතර දේශීය සහ සමස්ත සිනමා කර්මාන්තය විනාශ කිරීමට මෙම සුළු කණ්ඩායම් දරන ප්‍රයත්නය චිත්‍රපට සංස්ථාව හැටියටත්, රටක් හැටියටත් අනිවාර්යයෙන් පරාජය කරන බව ඇමතිවරයා අවධරණය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya