අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් රාජ්‍ය සේවා නිර්මාණ තරගාවලිය - 2019- නිර්මාණ කැඳවයි

    ජූලි 23, 2019

    රාජ්‍ය ආයතන වල සේවයේ නිරත නිලධාරීන්ගේ නිර්මාණ හැකියාව ඔප්නැංවීමට, ඇගයීම සහ එම නිර්මාණ එළිදැක්වීමේ අවස්ථාව උදාකිරීම සහ එමගින් රාජ්‍ය ආයතන වල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය අන්තර් රාජ්‍ය සේවා නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත.

    ඒ අනූව සිංහල සහ දෙමළ මාධ්‍ය වලින් ළමා කතා, පද්‍ය රචනා, චිත්‍ර, කෙටිකතා සහ කෙටි නාට්‍ය යන අංශ යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර තරගාවලිය පිළිබද සම්පූර්ණ විස්තර www.cultural.gov.lk වෙබ් අඩවියෙන්
    සහ දුරකතන අංක 0112861325 ඔස්සේ ලබාගත හැක.

    සිංහල, දෙමළ මාධ්‍ය දෙකෙන් වෙන් වෙන් වශයෙන් පැවැත්වෙන ඒ ඒ තරග අංහ වලට ප්‍රවීණ විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරනු ලබන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
    සියලුම නිර්මාණ ලේකම්, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට 2019-07- 31 දිනට පෙර යොමු කල යුතුවේ. ඉහත සියලුම නිර්මාණ වලින් ජයග්‍රහණ ලබාගන්නා අයට වටිනා සහතික පත්‍රයක්, මුදල් ත්‍යාග මෙන්ම සම්මානද පිරිනැමේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya