මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පිණී කුසුම් පීරිස් සිය දිවියෙන් නික්ම යයි

    ජූලි 22, 2019

    ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පීණියක සහ ප්‍රවීණ ගීත රචිකාවක වන කුසුම් පීරිස් මහත්මිය ඊයේ රාත්‍රියේදී ජූලි 21 වනදා රාත්‍රියේදී සිය දිවියෙන් සමුගත්තාය.

    කලක සිට රෝගීතත්ත්වයෙන් පීඩා විදි එතුමිය මියයන විට 71 වන වියෙහි පසුවිය. ගීත රචිකාවියක ලෙස කටයුතු කිරීමට අමතරව ගුවන්වි දුලි ශිල්පී භූමිකාව තුළ ඇය වැඩසටහන් ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය සහ නාට්‍ය සදහා හඩකැවීම්
    ශිල්පිණියක ලෙසද කටයුතු කරමින් දිවයිනේ සුප්‍රසිද්ධ තොරණ් සදහා සිය කටහඩ මුසුකර ඇත.

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ, අසුරු සැනින් එක මොහොතකදී, සිතුවිලි සිරවී හදවත පතුලේ, ගංඉවුරේ තුරු ලතා මඩුල්ලේ ආදී ශ්‍රාවක සිත් අමන්දානන්දයට පත් කල ජනප්‍රිය ගීත රැසක් රචනා කළ කුසුම් පීරිස් මහත්මිය සිංහල ගීතයේ නොමැකෙන සටහන් තැබීමටද අමතක නොකළාය.

    සිරස සහ හිරු ගුවන්විදුලි නාලිකා වල ආරම්භක නිවේදිකා තමාලි පීරිස් යනු කුසුම් පීරිස් මහත්මියගේ දියණියයි. කුසුම් පීරිස් මහත්මියගේ දේහය අංක 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත්කිරීමට නියමිත අතර අවසන් කටයුතු ජූලි 24 වන බදාදා දින සිදුකරන බව ඇයගේ ඥාතීන් දැනුම් දෙයි. කලාවට අපරිමිතව සිය යුතුකම් ඉටුකර අසුරුසැනින් එක මොහොතකදී නිහඩ මැදියම් රෑ සිහිනයක්ලෙස සිය ජීවිත ගීතයේ අවසන් පදවැල ලියා නික්ම යන සහෘද කලාකාරියනි ඔබට නිවන් සුව පතමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya