අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවිණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි ජිවිත රඟමඬලින් සමුගනි

    මැයි 28, 2019

    ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඊයේ(27) අභාවප්‍රාප්ත වූයේය. පසුගිය දිනවල ඇතිවූ රෝගී තත්වයෙන් පසු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු විය.


    වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායකවූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා, කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවෙකි. ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගුරු කොට මුලින්ම වේදිකා රංගනයෙන් සිය කලා කුසලතාවයන් පෙන්නුම් කළේය. සරච්චන්ද්‍රගේ ,රත්තරන්, වේදිකා නාට්‍යය නිසා කලක් කතාබහට ලක් විය. අස්වැසුම,සිංහාවලෝකනය,විදු,අයෝමා, වැනි චිත්‍රපට රංගනයෙන් දායක වු ඔහු බහුබූතයෝ සහ කොස්තාපල් පුඤ්ඤසෝම වැනි ප්‍රහසන චිත්‍රපට වලින් ද තම රංගන කුසලතා දක්වා තිබේ.
    යශෝරාවය ටෙලිනාට්‍යය නිසා කලක් ඔහු අතිශය ජනප්‍රිය විය. මෑත කාලීන ටෙලි පරම්පරාව සමගද එක්ව 'සිදු' වැනි ටෙලි නාට්‍ය හරහා රංගනයට එක්වූ ඔහු සංකීර්ණ මෙන්ම සරල චරිත පවා ඉතා තාත්වික ලෙස ඉදිරිපත් කිරීම නිසා සම්මානයටද භාජනය වූ නළුවෙකි. නැගී එන නිළියක වූ ප්‍රතිභා හෙට්ටිආරච්චි ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya