අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා" උපහාර උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනපති එක් වෙයි....

    මාර්තු 10, 2019
    ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීම වෙනුවෙන්  කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ,තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා එක් විය. 
    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගීත රචනා කලාවට මහගු මෙහෙවරක් ඉටු කළ මෙම ගී පද රචිකාවන් ඇගැයීමට ලක් කෙරිණි.තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළට එක් වූ ජනාධිපතිතුමා ප්‍රවිණ ගී පද රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතා ඇතුළු කලාකරුවන් විසින් පිළිගන්නා ලදි. 
    දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීමට ලක් කරමින් උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක යන මහත්ම මහත්මීන්  ඇතුළු ගායක ගායිකාවන්, ගී පද රචකයන් සහ කලාකරුවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya