අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උලළේ අවසන් දිනය අදයි.

    පෙබරවාරි 28, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පවත්වනු ලබන ක්‍රීඩා චිත්‍රපට උළෙළ මෙම මස 26, 27, දින පැවැත්වූ අතර එහි අවසන් දිනය අදට යෙදී තිබේ.චිත්‍රපට ප්‍රදර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී රගහලේදී පැවැත් විය.

    ලාංකේය ක්‍රීඩා සාහිත්‍ය ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලයවන ස්පෝට්ස් ඉන්‍‍ෆ‍ො ආයතනය හා ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල සංවිධානය කර තිබේ.‍

    මේ සඳහා ක්‍රීඩා විෂය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන ක්‍රීඩා උපදේශකයින්, සමාජ විද්‍යාඥයින්, සිනමාවේදීන්, සාහිත්‍යධරයන්, ක්‍රීඩා විචාරකයන්, සහ ක්‍රීඩා ලෝලීන් සහභාගී විය. ඒ සියලු දෙනාම එකම වේදිකාවක් මතට ගෙනයමින් ක්‍රීඩාවේ ඉලක්ක ජය ගැනීමට සිනමා මාධ්‍ය ක්‍රීඩාවට හදුන්වා දීම මෙම ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා චිත්‍රපට උලළේ අරමුණයි.

    ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයට ක්‍රීඩා සාහිත්‍යක් හදුන්වා දීම මඟින් චිත්‍රපට ආදී සන්නිවේදන මාධ්‍ය මඟින් ක්‍රීඩාවට ප්‍රවේශව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නව උත්තේජනයක් ලැබීම මේ අනුව සිදුවන බව දෙස් විදෙස් ක්‍රීඩා විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

    මේ අනුව එළඹෙන වසරේ සිට සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙලට සමගාමීව ජාත්‍යන්තර ක්‍රීඩා සිනමා උළෙලක් ද පැවැත්වෙන අතර ඒ සඳහා ලෝකයේ සෑම රටක් ම සහභාගී කර ගනිමින් හොඳ ම වාර්තා චිත්‍රපටය, හොඳම කෙටි චිත්‍රපටය, හොඳම සංස්කරණය ආදී ක්ෂේත්‍රයන් ආවරණය වන ජාත්‍යන්තර සිනමා සම්මාන උලළක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්පෝට්ස් ඉන්ෆ‍ො ආයතනය කටයුතු කිරීමට ද නියමිතය

     

    silk1

     

     

    silk2

     

    silk3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya