අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න දැරියගේ ,මනැස් සේයා, ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ ....

    ජනවාරි 20, 2019

    සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න නම් වයස අවුරුදු 17 ක් වන ශ්‍රවණාබාධිත දැරියගේ කුසලතාවයන් මුථ රටටම එළිදක්වමින් කොළඹ හෝර්ටන් පෙදෙසේ දෘශ්‍ය කලා පීඨයේ පැවැත්වෙන "මනැස් සේයා" ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරිණි.

    "මනැස් සේයා" සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න දැරියගේ කුථදුල් ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය වන අතර ඇයගේ සිතුවම් 150 කට අධික ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනය කර තිබේ. ප්‍රදර්ශනය අද සහ හෙට දෙදින පුරා පැවැත් වෙයි.

     දැරියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් සහය ලබාදීමට ද පොරොන්දු විය.

     

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya