අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැගල්ල දිස්ත්‍රික් සංස්කෘතික වැඩසටහන ඇරඹේ

    දෙසැම්බර් 13, 2018

    ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා කලාව සුපෝෂණය කිරිම සඳහා සංස්කෘතික අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ කෑගලු දිස්ත්‍රික් වැඩසටහන සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ සහභාගිත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවැත්විණි.

    ‘‘ ලෝකය ඥානනය කළ හැක්කේ කලාවෙන් හා විද්‍යාවෙන් පමණක් බවත් මිනිසාගේ හිතන පතන සියල්ල පිළිබිඹු කළ හැකි වන්නේ කලාව, සාහිත්‍ය මඟින් බව මෙම අවස්ථාව සඳහා සහභාගී වෙමින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.
    කෑගල්ල දිස්ත්‍රික්කයේ සංස්කෘතික හා කලා කටයුතු වෙනුවෙන් අධ්‍යක්ෂතුමියගේ කැපවීම අගය කරමින් සමරු තිළිණයක් පිරිනැමිමටද දිස්ත්‍රික් සංස්කෘතික අංශය කටයුතු සම්පාදනය කර තිබුණි..
    මේ අවස්ථාව සදහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නාලිකා පියසේන මහත්මිය, ප්‍රාදේශිය ලේකම්වරුන් , සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්, සංස්කෘතික සංවර්ධන නිලධාරින්, ප්‍රාදේශිය හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි විය.
    ඊට අදාළ විෂයන්හි ක්‍රියාකාරිත්වය තව දුරටත් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් විශේෂ හමුවක් ලෙස මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකම මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya