අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළඳා මාලිඟාවට නව ඇත් ජල තටාකාංගණයක් හා බහුකාර්ය ගොඩනැගිලි සංකීරණයක්

    අගෝස්තු 16, 2018
    ශ‍්‍රී දළඳා මාළිඟා පරිශ‍්‍රයේ අලි ඇතුන් සඳහා විශේෂයෙන් ඉදිකරන ලද ඇත් ජල තටාකාංගණය සහ නර්තන ශිල්පීන් ඇතුළු කලා ශිල්පීන් වෙනුවෙන් ඉදිකෙරුණු බහුකාර්යය ගොඩනැගිල්ලේ දෙවන අදියර මාලිඟාව සන්තකර පූජා කිරීම ඊයේ (15) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 
     
    දළඳා මාළිඟාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ දළඳා වහන්සේ වැඩම වන්නාවූ හස්ති රාජයාණන් ප‍්‍රමුඛ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගීවීමට පැමිණෙන්නා වූ අලි ඇතුන්ගේ පරිහරණය සඳහා වසර ගණනාවක පටන් විශාල අඩුවක්ව පැවති විධිමත් ඇත්ගාලක අවශ්‍යතාවය සපුරාලමින් ඉදිකරවනු ලැබූ ඇත්ගාල පසුගියදා මාළිඟාව වෙත පූජා කළ අතර ඉන් නොනැවතී එම අලි ඇතුන් සඳහා මෙම ඇත් ජල තටාංගනය ද ඉදිකිරීම ද සිදු කොට තිබේ.
     
    එමෙන් ම දළඳා පෙරහැරේ ශිල්ප දක්වන්නාවූ නර්තන ශිල්පීන් ප‍්‍රමුඛ කලා ශිල්පීන්ට පුහුණු වීමට, ඇඳුම් ලෑමට, ගිමන් හැරීමට මාළිඟා පරිශ‍්‍රයේ වෙනම ස්ථානයක් නොවීම විශාල අඩුපාඩුවක්ව පැවති අතර එම අඩුපාඩුව  ද සපුරාලමින් බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකිරීමට කටයුතු කොට ඇති අතර එහි දෙවන අදියර විවෘත කිරීම අද සිදු කෙරුණු අතර මේ සඳහා රුපියල් මිලියන 33.1ක වියදමක් දරා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya