මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන ආශ්‍රිතව සංස්කෘතික හා පාරිසරික කලාපයක්

    අගෝස්තු 16, 2018

    ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමකින් යුත් ආගමික සිද්ධස්ථාන වන පිළිකුත්තුව රජමහා විහාරය, මාළිගාතැන්න රජමහා විහාරය,ඌරුවල බුලත්පිටිය වළගම්බා රජ මහාවිහාරය හා ඒ අවට ප්‍රදේශ සංස්කෘතික හා පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමට යයි.

    මේ පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විහාරස්ථානවල නායක හිමිවරුන්, නිලධරීන්ගේ සහභගීත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේ දී  ඊයේ (15) පැවැත්විණි.

    බොහෝ දෙනා පුරාවිද්‍යා නටඹුන් නැරඹීමට ඈත ප්‍රදේශවලට යන නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්ථාන 800ක් පමණ තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසූ  අතර පිලිකුත්තුව රජමහා විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශය අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව  කියන ලෙන් 99ක් පිහිටි බවද කීය.


    සංස්කෘතික හා පාරිසරික කලාපයක් ඇති කොට දේශීය හා විදේශීය සංචාරකයින්ට ඒවා නැරඹීමට පහසුකම්  වැඩිදියුණු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    යෝජිත සංස්කෘතික හා පාරිසරික කලාපයට ඇතුළත් විය යුතු ප්‍රදේශ නිර්දේශ කිරීම සඳහා පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, මිනින්දෝරු දෙපාර්තමේන්තුව,නාගරික සංවර්ධන  අධිකාරිය,භෞතික සම්පත් දෙපාර්තමේතුව යන ආයතනවල නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් ද පත් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya