Print this page

ජගත් ආදීවාසී දිනය දඹාන කොටබකිනිය ගම්මානයේදී සැමරේ

අගෝස්තු 10, 2018

ලෝක ආදිවාසි දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය දඹාන කොටබකිනිය, මොරබැද්ද ගම්මානයේදී ඊයේ (09) රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විය.

හිටපු ආදිවාසී නායක ඌරුවරිගයේ තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වා අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ස්ථාපිත කරන ලද තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරිම සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ස්ථාපිත කරන ලද වෙද පියසට ඖෂධ ඇඹරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කළ අතර ඉන්අනතුරුව කොටබකිණිය, මොරබැද්ද වන රොද මැද පැවති උත්සවය ජාතික ගීය හා ආදිවාසී ගීත ගායනා කිරිමෙන් අනතුරුව ආරම්භ කෙරිනි.

ආදිවාසීන්ට උරුම වූ විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උත්සව සභාව කුල්මත් කළ අතර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ආදිවාසි ගම්මාන උදෙසා වියළි සලාක බෙදාදිම සහ පුස්තකාල ප්‍රවර්ධනය වෙනුවෙන් නොමිලේ පොත්පත් පිරිනැමිමද සිදු කෙරිනි.

ආදිවාසි සැමරුම් උත්සවය සදහා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සමඟ නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, දඹාන, හේනානිගල, වාකරේ, ආදිවාසි ගම්මානවල  ආදිවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, මධ්‍යම සංස්කෘතිත අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිත නන්දකුමාර, මහියංගන ප්‍රාදේශිය ලේකම් නිමල් දිසානායක යන මහත්ම මහත්මින් සහ රාජ්‍ය නිලධාරින් ඇතුලු මහජන නියෝජිතයින් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.

DMU/Badulla