අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙනසුරාදා රැට රේඩියෝ කතා අහන්න

    අගෝස්තු 04, 2018

    සම්මානිත ගුවන්දුලි නාට්‍ය සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ මාලක දේවපි‍්‍රය විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ජාතික සමගිය හා සංහිදියා කාර්යංශය විසින් නිෂ්පාදනය කරන ලද ”රේඩියෝ කතා” ඒකාංගික ගුවන්දුලි නාට්‍ය මාලාව අගෝස්තු මස 04 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනක ම රාතී‍්‍ර 9 සිට පුරා පැයක් ITN FM (93.5, 93.7) ඔස්සේ විකාශය වේ.

    මාස හතරක් පුරාවට විකාශය වන මෙම ඒකාංගික ගුවන්විදුලි නාට්‍ය මාලාව සඳහා අයිරාංගනී සේරසිංහ, විජේරත්න වරකාගොඩ, ජයලත් මනෝරත්න, නිශ්හංක දිද්දෙණිය,ධර්මසිරි බණ්ඩාරනයක, සමන් අතාවුදහෙට්ටි, බුද්ධදාස විතානාරච්චි,ඩබ්ලිව් ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප‍්‍රනාන්දු, සෞම්‍ය ලියනගේ, රත්නා ලාලිනී ජයකොඩි ඇතුළු ප‍්‍රවීණ ශිල්පීන් පිරිසක් හඩකැවීමෙන් දායක වෙති.

    පේ‍්‍රක්ෂක රසයට බාධාවක් නොවන පරිදි අතරමැද වෙළඳ දැන්වීම්වලින් තොරව අඛණ්ඩ ගලායෑමක් සහිත ව නාට්‍ය විකාශය වන අතර ගුවන්දුලි ශ‍්‍රාවකයන්ට නවමු අත්දැකීමක් ලබාදෙමින් නාට්‍ය අවසානයේ නාට්‍ය අධ්‍යක්ෂ මලක දේවපි‍්‍රය,ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ලූෂන් බුලත්සිංහල ඇතුළු විද්වතුන් පිරිසක් මෙහෙයවන කථිකාවකින් ද සමන්විත ය.

    මෙම ඒකාංගික ගුවන්විදුලි නාට්‍ය මාලාව ශ‍්‍රවණය කර ඔබගේ අදහස් හා යෝජනා ජාතික සමගිය හා සංහිදියා කාර්යංශය, 6 මහල, නො 21, ජනාධිපති මාවත, කොළඹ 01 ලිපිනයට හෝ 0114354518 ෆැක්ස් අංකයට ලබා දෙන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya