අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන් අස්වනු කලා උළෙල මාර්තු 2 දා

    පෙබරවාරි 28, 2018

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 2017/18 ''රන් අස්වනු කලා උළෙල''  මාර්තු මස 02 දින ප.ව. 2.00ට කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගරයේ දී පැවැත්වීමට නියමිතය.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කලා උළෙල පවැත්වෙයි.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ සේවයේ නියුතු දීප ව්‍යාප්ත සියළුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සිය කුසළතා අගයනු වස් රන් ස්වනු නමින් තරඟාවලියක් පවත්වන ලදී.

    නර්තන, ගායන, කෙටි නාට්‍ය ආදී තරඟ ඉසව් 23ක් යටතේ අනුතරඟ 45ක් පවත්වන ලදී. එම තරඟ අංශවලින් කුසළතා පෙන්වූ ජයග්‍රාහකයින්ට සම්මාන සහතික පත්‍ර පිරිනැමීම මෙම උළෙලේ අරමුණ බව සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya