අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගහිඟ කලාකරුවන් 4000කට මූල්‍ය ආධාර ලබාදීමට සැලසුම්

    පෙබරවාරි 20, 2018

    විවිධ කලා ක්ෂේත්‍රවල නියැළුණු අගහිඟ කලාකරුවන් 4000කට පමණ 2018 වසරේ මූල්‍යාධාර ලබාදීමට පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසුවාය.

    වසර 2017 දී ආර්ථික අගහිඟ වියපත් කලාකරුවන් 1042ක් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    වයෝවෘද්ධ කලාකරුවන් සැදෑ සමයේ දී ඔවුන්ට අත්වැලක් සැපයීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

    මේ යටතේ අවුරුදු 60 ඉක්මවූ විශ්‍රාමික නොවන විවිධ කල ක්ෂේත්‍රයන් හි නියුතු දිවයින පුරා විසිරී සිටින කලාකරුවන් උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අයදුම්පත් කැඳවා ඒ අයෙකුට රුපියල් 10,000 බැගින් අවුරුද්දකට එක්වතාවක් වූ මූල්‍යාධාර ලබාදීමට කටයුතු කරන බවත් මේ වනවිට කලාකරුවන් 3500ක් පමණ ලියාපදිංචි වී සිටින බවත් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya