අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චිත්‍ර‍පට කලාකරුවන්ගේ විශ්‍රාම වැටුප් දීමනාව ඉහළ නැංවීමට අනුමැතිය

    පෙබරවාරි 18, 2018

    චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයන් සඳහා චිත්‍රපට සංස්ථා භාරය මඟින් ලබා දෙනු ලබන විශ්‍රාම වැටුප් දීමනාව ඉහළ නැංවීම පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා මාසික විශ්‍රාම දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙළක්, 1986 අංක 03 දරන පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කරනු ලැබ ඇති 'ජාතික චිත්‍රපට සංස්ථා භාරය' මඟින් 1987 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි.

    මේ යටතේ මසකට රුපියල් 2,000/- බැගින් වූ දීමනාවක් විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් 57 දෙනෙකු සඳහා මේ වන විට ගෙවනු ලබන අතර, තවත් අයදුම්කරුවන් 106 දෙනෙක් එම දීමනාව අපේක්ෂාවෙන් සිටිති.

    ඒ අනුව, වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම මාසික විශ්‍රාම දීමනාව රුපියල් 5,000/- ක් දක්වා වැඩි කිරීමටත්, විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් 163 දෙනෙකු සඳහා එම දීමනාව ගෙවීමට හැකිවන පරිදි චිත්‍රපට සංස්ථා භාරය වෙත රුපියල් මිලියන 10ක භාණ්ඩාගාර ප්‍රදානයක් ලබාගැනීමටත් අනුමැතිය ලැබී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya