මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීගිරි කැටපත් පවුරේ සංරක්ෂණ කටයුතු ඇරඹෙයි

    පෙබරවාරි 06, 2018

    සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා අනාවරණය වීමත් සමග සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

    පුරාවිද්‍යා අධ්‍යක්ෂ  ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල සහ මධ්‍යම  සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ  ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත  ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයින් සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු ඊයේ (05) දිනයේදී ම ආරම්භ කරනු ලැබුවා. ඒ දිලීර වර්ධනය මෙන්ම උෂ්ණත්වය නිරීක්ෂණය සහ ගණනය කළ හැකි අධි තාක්ෂණික කැමරාද යොදා ගනිමින්.

    කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා  විෂය භාර අමාත්‍ය   අකිල විරාජ් කාරියවසම් මහතාව  දැනුවත් කිරීමෙන් අනතුරුව  මෙම තත්වයට වහා පිළියම් යෙදීම සඳහා  සෑම පියවරක් ම ගන්නා ලෙසත්, අවශ්‍යතාව  මත විදෙස් විශේෂඥ සහය ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

    මෙම දිලීර ව්‍යාප්තිය  පිළිබඳ අදහස් දැක්වූ මධ්‍යම  සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ  ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත  ගුණවර්ධන මහතා මෙය සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස සමඟ සිදුවන ස්වභාවික සංසිද්ධියක් බවත් රසායනික ප්‍රතිකාර  හරහා නැවත යථාතත්වයට පත් කළ හැකිවනු ඇති බවත් සඳහන් කළා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya