Print this page

සංචාරක ඡායාරුපකරණය වෙනුවෙන් යමුනි ඇගයීමට පත්වෙයි

පෙබරවාරි 02, 2018

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සිනමන් හෝටලය එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර Cinnamon Sri lanka Photo Contest 2017 තරඟයේ Sri Lanka Tourism Activity and Adventure photography Award සම්මානයෙන් ඇගයීමට පාත්‍රවීමට ජනමාධ්‍ය ඡායාරූප මාධ්‍යවේදිනියක වන යමුනී රශ්මිකා පෙරේරා සමත්විය.

සංචාරක ආකාර්ෂණය ප්‍රවර්ධනය වන ,සමජ සංස්කෘතික,පාරිසරික වටිනාකම් කියාපාන ඡායාරූප මෙහිදී විනිශ්චයට භාජනය වූ අතර දේශීය හා විදේශීය ඡායාරූප ක්ෂේත්‍රයෙන් ප්‍රවීනත්වයට පත් විනිසුරුවරු විසින්
ඡායාරූප විනිශ්චයට ලක් කොට තිබේ.

ඡයාරූප සම්මාන උළෙල ඊයේ (01) කොළඹ දී, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ වනවිට යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරයි.