Print this page

නවම් පෝය අදයි

ජනවාරි 31, 2018

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (31 ) යෙදී තිබේ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන් ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත.

පොහොය දිනය වෙනුවෙන් වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.