අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ මඟින් ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

    ජනවාරි 19, 2018

    රටේ  ජාතික උරුමයන් හා සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙත පවරාදීම කාලීන අවශ්‍යතාවක් ලෙස වත්මන් රජය හඳුනාගෙන සිටින අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඒ වෙනුවෙන් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ව පවතී.

    ඒ අනුව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නංවා ඇති ගවේෂණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් අතර සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ මැතකාලීන ව ගවේෂණ කටයුතු රැසක් සිදුකොට තිබේ.

    ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් මෑතකාලීන ව සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී ඇති අතර, පළපුරුදු කිමිදුම්කරුවකු වන දර්ශන ජයවීර මහතා විසින් එම  තොරතුරු ලබා දී තිබේ.

    2017 වසරේ දෙහිවල මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේ දී  යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර, මෑතකාලීන ව ගිලී ගිය යාත්‍රා මෙන් ම වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා ද ඒ අතර පවතී.

    පර්යේෂණයට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරේ තැන්පත් වී තිබෙන අතර, ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන් ම වාෂ්ප නෞකා ද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා ද එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද පවතියි. සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදාගන්නා නවීන විද්‍යාත්මක ක්‍රමවේද හා උපකරණ භාවිතයෙන් මෙම නෞකා සම්බන්ධ ව ඉදිරි පර්යේෂණ සිදුකිරීමට අපේක්ෂිතයි.

    ලංකාවේ සමුද්‍ර පුරාවිද්‍යාව සම්බන්ධ ව දකුණු මුහුදු තීරය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර, දැනට පවත්නා ගල්පර හා දියවැල් හේතුවෙන් යාත්‍රා ගමනාගමනයට බාධා සහිත කලාපයක් වශයෙන් ද පුරාවිද්‍යා පූර්ව ගවේෂණ ඔස්සේ හඳුනාගෙන ඇත. වර්ෂ 1871 දී ගාල්ලේ දී මුහුදුබත් වී ඇති වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක  වූ රාජකීය තැපැල් නැවක් (Royal mail Ship) ලෙස සැලකෙන RMS Rangoon නෞකාව ගාලු වරායට නාවික සැතපුම් 7ක් දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබී හමුව ඇති අතර,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ගවේෂණ ඇසුරෙන් මෙම නෞකාවේ ශේෂ වූ කොටස් හඳුනාගැනීමට හැකි වී ඇත. මේ සඳහා වැයවන මුලු මුදල රුපියල් 3000,000.00ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, උනවටුන සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පත්ල පරීක්ෂා කිරීම, ඒ අවට කුඩා යාත්‍රා ගවේෂණය කිරීම, Iron wreck 2 නම් නෞකාවේ තත්ත්ව පරීක්ෂණ කටයුතු ද මේ යටතේ සිදුකිරීමට අපේක්ෂිතයි. නෙදර්ලන්ත ආධාර සහ උපදේශකත්වය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම සමුද්‍ර පුරාවිද්‍යා ව්‍යාපෘතිය මුලින් ම ආරම්භ කර ඇති අතර, ලංකාවේ පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක් ද ඒ හා සමගාමීව බිහිකරන ලදී.

    මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වනවිට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරා විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya