මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාකරුවන්ට දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

    දෙසැම්බර් 19, 2017
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා බඳවා ගැනීමේ ජංගම සේවයක් අද (19) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී සිදුකෙරුණි.
     
    රජය විසින් සෑම දායකයෙකු සඳහාම රු.50, 000 ක මුදලක් විශ්‍රාම වැටුප් ක්‍රමයට බැදෙන දිනයේ දී වෙන් කරනු ලැබෙන අතර කලාකරුවාට වයස අවුරුදු 60 සම්පූර්ණ වීමේදී පොලී මුදලක් සහිතව හිමි වන බව මෙහිදී අදහස් දැක් වූ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
     
    වයස අවුරුදු 23 ත් 55ත් අතර කලාකරුවන්ට මේ සඳහා දායක විය හැක. වයස අවුරුදු 60 ඉක්ම වූ පසු ඔවුන් මෙහි ප්‍රතිලාභීන් බවට පත්වේ.
     
    කලාකරුවෙකු බවට සංස්කෘතික නිළධාරීන් විසින් සහතික කර තිබීම  සහ කලාකරුවෙකු ලෙස පූර්වාසන්න වසර 5ක් තුළ කලාවට සක්‍රීය දායකත්වයක් සිදුකර තිබීම, රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපක් නොලබන කලාකරුවෙකු වීම මේ සඳහා අවශ්‍ය සුදුසුකම් බව ශ්‍රී ලංකා සමාජ සේවා මණ්ඩලයහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කල්හාරි ද සිල්වා මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.
     
    සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත සමාජ ආරක්ෂණ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලය මඟින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි බව ද කල්හාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
     
    මේ අතර කලාකරු හැඳුනුම්පත් ලබා දීමේ ජංගම සේවයක් ද ක්‍රියාත්මක කෙරුණි. 
     
    මේ අවස්ථාවට , ශ්‍රී ලංකා සමාජ සේවා මණ්ඩලයහි කළමනාකරු ඉන්දික තේජාන් ඇතුළු මහත්ම මහත්මීන් සහ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක සංගීත ශිල්පි රොෂාන් ප්‍රනාන්දු ඇතුළු සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරන කලාකරුවන්  180කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya