අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජෝති ගීත රාත්‍රිය හා කලා අභිමානී ප්‍රණාම උළෙල" ඇමැති විමල්ගේ ප්‍රධානත්වයෙන්

    ජූලි 09, 2014
    ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතාගේ 27 වෙනි ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද "ජෝති ගීත රාත්‍රිය හා කලා අභිමානී ප්‍රණාම උළෙල" ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හෝකන්දර උතුර, පරාක්‍රම මාවත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
     
    එච්.ආර්. ජෝතිපාල කලාකරුවාණන්ගේ 27 වෙනි ගුණ සැමරුම නිමිත්තෙන් මෙම කලා ප්‍රසංගය හා ප්‍රණාම උළෙල සංවිධානය කරන ලද්දේ  සිත් රූ කලා පදනම හා හෝකන්දර තරුණ සංවිධානය විසිනි.
     
    ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම ප්‍රසංගයේ දී  අභාවප්‍රාප්ත ප්‍රවීණ  ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ගීත දිවයිනේ ප්‍රවීණ කලා ශිල්පීන් රැසක් විසින් ගායනා කිරීම විශේෂත්වයකි. මීට අමතරව සිත්රූ කලා පදනම හා හෝකන්දර තරුණ සංවිධානය විසින් තෝරාගනු ලැබූ කලා ශිල්පීන් හා මාධ්‍යවේදීන් සඳහා  උපහාර ප්‍රණාම සම්මාන ප්‍රදානය කිරීම ද විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
     
    මෙහිදී ප්‍රවීණ කලාකරු තිස්ස ඩයස්, ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපාලි රංජිත් හා සංගීත අධ්‍යක්ෂක තිස්ස රත්නසිරි යන මහත්වරු සඳහා ද සම්මාන පිරිනැමූහ. 
     
    මෙම අවස්ථාවට ආචාර්ය අජන්තා රණසිංහ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, කලාකරුවන් වන ක්ලීටස් මෙන්ඩිස්, ජයසේකර අපෝන්සු, චිත්‍රපට නිෂ්පාදක දිනේෂ් ප්‍රියසාද්, සිත්රූ කලා පදනමේ සභාපති රෝහණ කොස්තා, හෝකන්දර තරුණ සංවිධානයේ සභාපති  නිහාල් ගමගේ මහත්වරුන් හා කලාකරුවන්, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP WW JOTHI GEE NIGHT 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya