අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම අත්සන් තබයි

    ඔක්තෝබර් 19, 2017

    අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මහනුවර ශ්‍රී දළදා
    මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මේ සදහා රුපියල් මිලියන 45 කට ආසන්න මුදලක් වෙන් කොට ඇති අතර, අදාල මුදල මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මේ වන විටත් ලබා දී තිබේ. රන් වියන ප්‍රතිසංස්කරණය
    කිරීමේ තාක්ෂණික කටයුතු මොරටුව විශ්ව විශ්ව විද්‍යාලය මගින් සිදු කෙරෙන අතර, ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි.

    රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්බන්ධ ගිවිසුම මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී. රාජසේකරන් මහතා විසින් පසුගියදා අත්සන්
    තබන ලදී. 

    වර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම මාස හතරක කාලයක් තුළ අවසන් කිරීමට ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇති අතර, 2002 වසරින් පසුව දළදා මාලිගාවේ රන් වියන අලුත් වැඩියා කිරීමක්
    මෙතෙක් සිදු වී නොමැත.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya