මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සුජාත දරුවෝ" පොලොන්නරුව දිස්ත්‍රික් අවසන් වටයේ තරග හෙට

    ජූලි 04, 2014

    "සුජාත දරුවෝ" පොලොන්නරුව දිස්ත්‍රික් පාසල් ගද්‍ය, පද්‍ය, රචනා, පෝස්ටර්, චිත්‍ර, විවාද සහ දැනුම මිනුම අවසන් වටයේ තරග හෙට (05) හා අනිද්දා (06) පෙරවරු 8.30ට පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

    මතින් තොර සමාජයක් බිහිකිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය එක්ව මෙය ක්‍රියාත්මක කරනු ඇත.

    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිතය. 

    මේ දිනවල පැවැත්වෙන අවසන් තරග අතරට කථික තරග, සමූහ ගායනා සහ වීදි නාට්‍ය තරග ආදිය ද ඇතුළත් වන බව පොලොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.ආර්. නන්දසේන මහතා ප්‍රකාශ කළේය.

    මේ තරගාවලියේ දෙමළ මාධ්‍ය තරග පසුගිය 21 හා 22 දෙදින පොලොන්නරුව මුස්ලිම් මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya