මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරහර සංදේශය ජනපතිට භාරදීම අද

    අගෝස්තු 08, 2017
    ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන පෙරහැර සංදේශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (08) පස්වරුවේ මහනුවර ජනපති මන්දිරියේ දී සිදු කෙරේ. ඉන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.
     
    ගැටඹේ තොටේ දී දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දවහල් පෙරහැර මාලිගාව වෙත ගෙවදීමෙන් පසු අලි ඇතුන් සහිත කෙටි පෙරහැරකින් මහනුවර ජනපති මන්දිරයට ගමන්කර පෙරහැර සංදේශය ජනපතිවරයා වෙත බාරදෙයි.
     
    අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් කිරීම සඳහා දායකත්වය ලබාදුන් ශිල්පීන් සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන, සහතික හා මුදල් ත්‍යාග පිරිනැමීම පෙරහැර සමාප්ති උත්සවයේ දී සිදු කිරීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya