අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹට හින්දි භාෂා පුස්තකාලයක්

    ජූලි 03, 2014

    වයඹ පළාත සඳහා හින්දි භාෂා පුස්තකාලයක් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 ) කුරුණෑගලදී විවෘත කෙරිණි.


    ප්‍රථම වතාවට ආරම්භ කළ මේ හින්දි භාෂා පුස්තකාලය විවෘත කරමින් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා හින්දි ගීතවලට සවන් දෙනවානම් මහන්සිය, පීඩනය නැති කරගන්න හැකියාවක් පවතින බව සඳහන් කළේය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "හින්දි භාෂාව ලෝකයේ හැම රටකම වාගේ භාවිත වෙනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට පමණක් සීමා වූ හින්දි භාෂාව ග්‍රාමීය මට්ටමින් හැදෑරීමට අවස්ථාව මේ මඟින් උදාවෙනවා. වයඹ පළාත සඳහා හින්දි ගුරුවරු ගණනාවක් බඳවා ගත්තා. භාෂාවන් පිළිබඳ අප තුළ තිබිය යුත්තේ චකිතයක් නොවේ. උවමනාවෙන් එය ඉගෙනගැනීම ප්‍රධාන අරමුණ විය යුතුයි. පෙර සිංහල භාෂාවට පමණක් සීමා වුණත් පසුව දෙමළ, ඉංග්‍රීසි භාෂාවන් ඉගෙන ගන්න හැකි වුණා. භාෂාවක් ඉගෙන ගන්නවා යනු අලුත් දෙයක් දැනගන්නවා යන්නයි. හින්දි භාෂාවේ ආශ්වාදය ඇත්තේ ඉන්දියානු සිනමාවත් එක්කයි . භාෂාවත් තේරුම් ගනිමින් චිත්‍රපටි නැරඹීම වැදගත් වේ. හින්දි ගීත ගැන කියනවනම් හැම ගීතයකම විශාල අර්ථයක් තියනවා.


    ඒ වගේම ඉන්දියානු දේශපාලනය, සාහිත්‍ය ගත්තාම අපිට ලොකු අභාෂයක් ලැබිලා තියනවා. ඉන්දියාවත් එක්ක හුදකලා වෙලා ඉන්න රට තමයි ශ්‍රී ලංකාව. අපේ ලංකාව පීඩනයට ලක් නොවුන රටක්. අදටත් අප ඉන්දියානු අභාෂය ලබමින් සිටී. භාෂාවක් විදියට හින්දි ප්‍රගුණ කරනවා වගේම තම උපාධියත් සම්පූර්ණ කර ගත් විට පළාත් සභාවක් විදියට ඒ මඟින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් උදව් කළ හැකියි. ඉන්දියානු මහ කොමසාරිස්තුමාගෙන් අපේ දක්ෂ ශිෂ්‍යයෝ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන මෙන් ඉල්ලා සිටින බව දඔහු සඳහන් කළේය.


    මේ අවස්ථාවට එක් වූ ඉන්දියානු සහකාර කොමසාරිස් ඒ. නටරාජන් මහතා පැවසුවේ, වයඹ පළාත තුළ හින්දි භාෂා පුස්තකාලයක් ආරම්භ කිරීම ගැන සතුටු වෙන බවත් එමඟින් සිසු දරුවන්ට භාෂා දැනුම වර්ධනය කරගැනීමට අගනා අවස්ථාවක් උදා වන බවත්ය. ඒ වගේම වයඹ මහ ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භාෂා දැනුම දියුණු කිරීමට දියත් කරන සියලුම වැඩසටහන්වලට සහය දෙන බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල , කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම් ඊශා ශ්‍රීවස්තව, ශ්‍රී ලංකා හින්දි සංස්ථාන් අධ්‍යක්ෂිකා අතිලා කොතලාවල යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya