අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කිතුල් හා පැණි හකුරු" පර්යේෂණ ග්‍රන්ථය එළිදකී.

    ජූලි 28, 2017

    ප්‍රවීන ලේඛක ගුණසේකර ගුණසෝම මහතා විසින් රචිත "කිතුල් හා පැණි හකුරු" පර්යේෂණ ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    කිතුල් කැපීම හා ඒ වටා බැඳි සංස්කෘතිය පාදක කර ගනිමින් රචනා කර ඇති මෙම කෘතිය ගුණසේකර ගුණසෝම මහතා සහ එම මහතාගේ දියණිය වන උමයංගනා පූජනී ගුණසේකර විසින් එක්ව රචනා කර ඇත.

    ඉදිරියේදී කිතුල් කර්මාන්තය හා සම්බන්ධ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට තමන් අදහස් කරන බවත්, ඒ සඳහා මෙම ග්‍රන්ථය ද මග පෙන්වීමක් වන බවත් මෙහිදී අදහස් දැක්වූ  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
     
    මෙම උත්සවයට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණී සේනානායක, කොළඹ මහ දිසාපති සුනිල් කන්නංගර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya