අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය විශිෂ්ඨයින්ට සම්මාන පිරිනැමේ

    ජූලි 26, 2017
    ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා කර්‍තෘ සංසදය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන "ජන මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙල-2016" ඊයේ (25) 18 වැනි වරටත් ගල්කිස්ස හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 
     
    මෙහිදී ජ්‍යෙෂඨ මාධ්‍යවේදීන් වන ලක්ෂ්මන් ජයවර්ධන, ඩබ්ලිව් ජී. ගුණරත්න, ගැස්ටන්ද රොසයිරෝ, පී පන්නීර් සෙල්වම් සහ එස්.ඒ.සී.එම්.කුවල්දීන් යන මහත්වරු දීර්ඝ කාලීන සේවය සඳහා ප්‍රදානය කෙරෙන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූහ.
     
    මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ශ්‍රී ලංකා තොරතුරු අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතාය.
     
    මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, කර්‍තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදාන උළෙලේදී විශේෂ සම්මාන හිමිකරගත් මාධ්‍යවේදීන් මෙසේය.
     
    වසරේ හොඳම තීරුලිපි රචකයාට පිරිනැමෙන බී.ඒ.සිරිවර්ධන සම්මානය        
    සිංහල - එස්.ජී. පුංචිහේවා (රාවය)
    දෙමළ - ආර්. රාමකුමාර් (වීරකේසරී)
    ඉංග්‍රීසි - ඩොන් මිතු (සන්ඩේ ටයිම්ස්)
     
     
    වසරේ හොඳම විශේෂාංග ලේඛකයාට පිරිනැමෙන උපාලි විජේවර්ධන සම්මානය 
    සිංහල - පීටර් කැනියුට් පෙරේරා (ඉරිදා ලක්බිම)  
    දෙමළ- ඩී. නඩරාජා (වීරකේසරී)
    ඉංග්‍රීසි - ඉසුරි කවිරත්න (සන්ඩේ ඔබ්සර්වර්)
              ශ්‍රීමතී ඩැනියල් (සන්ඩේ ටයිම්ස්)
     
    සමාජ ප්‍රශ්න පිළිබඳ හොඳම වාර්තාකරණය සඳහා පිරිනැමෙන සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය
    සිංහල- ධර්මා මොහොට්ටාල (ඉරිදා ලක්බිම)  
    දෙමළ- දේවිකා රංගනාදන් (වීරකේසරී)
    ඉංග්‍රීසි- කසුන් වරකාපිටිය (සන්ඩේ ටයිම්ස්)
     
    ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය - ද අයිලන්ඩ් කර්‍තෘ ප්‍රභාත් සහබන්දු
     
    සිය සගයින්ගේ ඇගයීමට ලක්වූ පුවත්පත් කලාවේදියාට හිමි සම්මානය - සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාමිනී විජේදාස
     
    වසරේ හොඳම පුවත්පත් කලාවේදියාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය - රාවය පුවත්පතේ කේ. සංජීව
     
    වසරේ හොඳම තරුණ වාර්තාකරු සම්මානය - රාවය පුවත්පතේ තරිඳු උඩුවරගෙදර 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya