අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තුන්බිය" මුද්‍රා නාට්‍යය ජූලි 27දා

    ජූලි 25, 2017
     
    වඩා ගුණාත්මක මුද්‍රා නාට්‍ය නැවත ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීම හා මුද්‍රා නාට්‍යය අනාගත පරපුරට  උරුමකරදීම  ආදී අරමුණු ඇති ව සංවිධානය කරනු ලබන "තුන්බිය" මුද්‍රා නාට්‍යය 27දා පස්වරු 6.30 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
     මහාචාර්ය ආරියරත්න කලුආරච්චි මහතා විසින් "තුන්බිය" මුද්‍රා නාට්‍යය  අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත.
     
    මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුලු මැති ඇමතිවරු රැසක් සහභාගීවීමට නියමිතය.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය එක්ව මෙය සංවිධානය කරනු ලබයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya