අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ කෘති කිහිපයක් ජපන් භාෂාවට පරිවර්තනය කරයි

    ජූලි 15, 2017

    මසඕ තකෙඋචි මහතා විසින් පරිවර්තනය කරන ලද මහාවංශය වෙළුම 01 සහ 02, දීපවංශය, චෝර වංශය “ඉතිහාස වන්දනාව-ශ්‍රී ලංකාව” ඇතුළු ග්‍රන්ථ කිහිපයක් පසුගිය දා රූමස්සල හා අම්පාර ජපන් සාම චෛත්‍ය විහාරාධිපති පූජ්‍ය ජී. අසාමි හිමියන් විසින් බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පිළිගැන්විය.

    බුද්ධ දර්ශනය විවිධ භාෂාවන්ට පරිවර්තනය කර ව්‍යාප්ත කිරීමේ ඇති වටිනාකමත් බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් පූජ්‍ය අසාමි හිමියන් ඇතුළු පිරිසට අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    අනාගතයේදී පිළියන්දල ඉදිවන ශාක්‍ය රාජධානිය භාෂා 08 කින් පමණ විකාශය වීමට නියමිත බෞද්ධ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා පිළිබඳවත්, එම භූමියේ ඉදිවන ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් පුස්තකාලය පිළිබඳවද ඒ මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.

    එම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya