මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා විනය කර්මය හෙට සිට

    ජූලි 01, 2014
    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා මහා විනය කර්මය මාතර වල්පොළ සිරිමංගල පිරිවෙන කේන්ද්‍ර කොට ගනිමින් මාතර නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී හෙට (02) සිට 09දා දක්වා පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 
     
    මෙහිදී සාමණේර භික්ෂූන් වහන්සේලා 400 නමක් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබේ.
     
    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 150ක් පිරීම ද මේ වසරේ යෙදී ඇත.
     
    උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවය විනය විශාරද ත‍්‍රිපිටක ධර්ම චක‍්‍රවර්ති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් හෙට (02) ප.ව. 2.00ට මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
     
    මෙම උත්සව අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, මාතර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් ප‍්‍රමුඛ දේශපාලන නායකත්වය රාජ්‍ය නිලධාරීන් සහ දිස්ත‍්‍රික්කයේ බෞද්ධ පොදු මහජනතාව සහභාගිවීමට නියමිතය.
     
    DB / TI - Dmu Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya