මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික බිතු සිතුවම් ඡායාරූපගත කිරීම ඇරඹේ

    ජූනි 30, 2014
    ඓතිහාසික යුගයන්හී දී ලාංකීය කලාව පෝෂණය කරන ලද විවිධ ශෛලීන්ගේ කලා ශිල්ප අතුරින් සිතුවම්වලට විශේෂ ස්ථානයක් හිමි වන අතර සියලුම ඓතිහාසික සිතුවම් ඡායාරූපගත කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.  
     
    මේවා කාලයත් සමඟ විනාශ වීම සහ හායනයට ලක් වීම නොවැළැක්විය හැකි හේතුවක් බැවින් අනාගතයේදී යමෙකුට එම සිතුවම් නැවත ඇඳීමට අධ්‍යයනය කිරීමේ පහසුවට හෝ දැක ගැනීම සඳහා දැනට පවතින තත්ත්වය මෙසේ ඡායාරූපගත කිරීමට තීරණය කොට ඇත. 
     
    සීගිරි චිත්‍ර, කැලණි විහාරයේ සිතුවම්, තිවංක පිළිමගේ සිතුවම්, පොලොන්නරුව ගල් විහාරයේ සිතුවම්, අභයගිරිය, ජේතවනය සහ මිහින්තලය කන්ඨක චෛත්‍යයේ ධාතු ගර්භවල සිතුවම්, දෙගල්දොරුව, හිඳගල, මුල්කිරිගල, නුවර, දඹදෙණි යුගවල සිතුවම් ආදිය ශ්‍රී ලංකාවේ සිතුවම් කලාවට නව අරුතක් එක් කරන ලද සිතුවම් වේ. 
     
    මෙම වැඩසටහනේ මුල් පියවර ලෙස කැලණි විහාරයේ බිතු සිතුවම් ඡායාරූපගත කිරීම මේ වනවිට සිදුකරමින් පවතී. කැලණි විහාරයේ බිතුසිතුවම් තුළින් මහනුවර යුගයේ මෙන්ම නූතන කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකි සෝලියස් මෙන්දිස්ගේ සිතුවම්වල සුවිශේෂිත්වය විද්‍යාමාන වේ.
     
    දීප ව්‍යාප්තව පුරාවිද්‍යා ස්ථානවල මෙවන් වැඩසටහනක් දියත් කරන පළමු අවස්ථාව මෙය වන අතර මෙම ඡායාරූප ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් නියමිත විද්‍යානුකූල ක්‍රමවේද යටතේ සිතුවම්වලට හානියක් නොවී දැනට පවතින තත්ත්වය වාර්තාගත කෙරෙන බැවින් මේ සඳහා දීර්ඝ කාලයක් ගතවන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.
     
    DB
     
    3 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya