අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර අද

    ජූනි 28, 2014

    රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර අද (28) වැනිදා ආරම්භ වේ. අවසන් මහ පෙරහැර ජූලි 12 වැනිදා පැවැත්වෙන අතර, 13 වැනිදා දියකැපීමේ මංගල්‍යයෙන් ඇසළ උත්සවය අවසන් වේ.


    දැනට දිවයිනේ ඇති විවිධ පෙරහැර අතුරින් පැරණිතම පෙරහැර ලෙස සැලකෙන්නේ කතරගම පෙරහැරයි. එය අවුරුදු 1900කට වඩා පැරණිය.දුටුගැමුණු රජතුමා සහ කතරගම අතර පැවතියේද ඉතා සමීප සම්බන්ධතාවකි. යුද ජයග්‍රහණයෙන් පසු කතරගම දෙවියන්ට වූ බාරයක්‌ අනුව දුටුගැමුණු රජතුමා විසින් කතරගම දේවාලය ඉදි කර දෙනු ලැබ තිබේ.

    කඳ සුරිඳුන් හා සම්බන්ධ විවිධ පිළිපැදීම් පවතී. ශ්‍රී කතරගම දේවාලය කේන්ද්‍ර කරගෙන පෙරහැර පැවැත්වීමට දින 45කට පෙර කණු සිටුවීම හෙවත් කප කැපීමේ චාරිත්‍රය පැවැත්වේ. අනතුරුව කප් සිටුවනු ලැබේ. ඉන් දින 44කට පසු පෙරහැර ආරම්භ කරනු ලැබේ.

    කතරගම දෙවියන් උදෙසා දේව කාරිය කිරීමට බැඳුණු සෑම කෙනකුම අනුගමනය කළ යුතු සම්ප්‍රදායයන් පවතී. කප් සිටුවීම, ඇත් වන්දනය, කළු සහ ආභරණ වැඩමවීම, වත පුටුව සහ වත බැඳීම යනාදී මෙකී විවිධ චාරිත්‍ර සාම්ප්‍රදායික වත් පිළිවෙත් අනුව සිදු කෙරේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya