අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවිතයේ සාර්ථකත්වය ධනය ඉපයීම පමණක් ම නොවේ

    ජූනි 27, 2014

    ජීවිතයේ සාර්ථකත්වය ධනය ඉපයීම පමණක් නොවන බව රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව පැවසුවේ, කොළඹ - 07 විචර්ලි ජාත්‍යන්තර පාසලේ 2013/2014 අධ්‍යන වර්ෂ වෙනුවෙන් පැවති ත්‍යාග සහතිකපත් සහ උසස් පෙළ නිමවා විශ්වවිද්‍යාල කරා යෑමට නියමිත සිසුන් වෙනුවෙන් සහතිකපත් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාග වෙමිනි. (ඊයේ 26) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

     මෙහිදී   රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික අමාත්‍යංශයේ ලේකම්වරයා තවදුරටත් පැවසුවේ, "ඔබ ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී කෙනෙක් නොවී ඔබගේ සාර්ථකත්වය ඔබගේ පාසල, මාතෘ භුමියේ, සමාජ සංස්කෘතිය මෙන්ම මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න. සාර්ථකත්වය එක දිනකින් හෝ එක රාත්‍රියක් අවසන් වීමෙන් ලබාගත හැක්කක් නොවේ. එය ඔබ අභියෝග භාරගැනීම, සාර්ථකව එයට මුහුණ දීම සහ වඩා මහන්සි වී වැඩකිරීම තුළින් ලබාගන්නා දෙයක්. එහි සැකයක් නැහැ. ඒ සඳහා ඔබගේ පවුල් පසුබිම දෙමාපියන් ඔබ කවුද යන්න එයට වැදගත් වන්නේ නැහැ.

     

    අද දින ජිවිතයේ නව පිටුවක් පෙරළන ඔබ සැම වඩා වගකීම් සහිත ජිවිතයටක ගමන් කරනවා. එහිදී ඔබගේ ජිවිතයේ අනාගත සාර්ථකත්වය පිළිබඳව ඔබ තිරණය කලයුතු වෙනවා. එහිදී වෛද්‍ය, ඉංජින්නේරු, කළමනකරණ නීති වැනි සාම්ප්‍රදායික විෂයය ධාරාවෙන් ඔබ්බට සැලසුම්කරණය, සංචාරක ක්ෂේත්‍රය, නිෂ්පාදන අංශය, පරිගණක, මාධ්‍යකරණය, වෙළඳ ප්‍රචාරණය, අලෙවි ප්‍රවර්ධන වැනි විවිධ ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක් පවතිනවා. අද වනවිට ඒ හරහා දක්‍ෂ ව්‍යවසායකක් වීමට රටේ බොහෝ පහසුකම් තිබෙනවා. සීමාරහිත අවස්ථාවන් ඔබ එනතුරු බලා සිටිනවා. කොතරම් හොඳින් ඔබ ඔබගේ මාවත තොරාගන්නවාද? ඒ වෙනුවෙන් ගන්නා තීරණය කොතරම් බුද්ධිමත්ද? යන්න මත එය පදනම් වෙනවා.”

     
     මේ අවස්ථාවට රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්‍ෂ මහත්මියද විදුහලේ විදුහල්පති කිංග්ස්ලි ජයසිංහ, කළමනාකරණ අධ්‍යක්‍ෂක ආචාර්ය පුනර්ජීව කරුණානායක, අධ්‍යක්‍ෂ සාමාන්‍ය අධිකාරි පී. සරවනන් යන මහත්වරුන්, ප්‍රභූන්, විද්‍යාලයීය ගුරුමණ්ඩලය, සිසුන්, සිසුන්ගේ දෙමාපියන් විශාල සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya