Print this page

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

අප්‍රේල් 15, 2017

චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ශ්‍රී නාථ දේවාල භූමියේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරමින් අද  පෙ.ව 11.04 යෙදුනු සුබ නැකතට අනුව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත හිසතෙල් ගැල්වීම සිදු කළේය.

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු බස්නායක නිළමේවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.