Print this page

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර නාථ දේවාලයේ දී

අප්‍රේල් 13, 2017

සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අනිද්දා (15) පෙ.ව. 11.04 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර නාථ දේවාලයේ දී පැවැත්වෙන බව එහි බස්නායක නිළමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි.

අස්ගිරි මල්වතු උභය මහ විහාර මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ අනුසාශනා පරිදි හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාළිගාව අභියස නාථ දේවාලයේ දී සිදු කෙරෙන අතර මධ්‍යම පළාත් ආණ්කාර නිලුකා ඒකනායක මහත්මියගේ ඉල්ලීම පරිදී මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දී පැවැත්වේ.

මින් ඉදිරියට මෙම උත්සවය මහනුවර දළදා මාලිගාව අභියස නාථ දේවාලයේ දී පැවත්විමට රජය තිරණය කර තිබේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ  ආයුර්වේද දෙපාර්තමේන්තුව උත්සවය සංවිධානය කරන අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි විමට නියමිතය.

 

මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය