Print this page

දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණ කඩිනම් කරන්න - අධ්‍යාපන ඇමැති

පෙබරවාරි 12, 2017

දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණය කිරීමේ කටයුතු ⁣කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සපුරාලීම සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙසත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යවරයා ඊයේ (11) මෙහි සිදු කළ සංචාරයේදී මෙම උපදෙස් ලබා දී තිබේ.

මෙම සංචාරයේදී දඹුල්ල මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලයේ ස්ථාපිත කර ඇති කැන්වස් චිත්‍ර ගබඩාව,චිත්‍ර සංරක්ෂණය මධ්‍යස්ථානය සහ කෞතුකාගාරයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.