අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික සංහිඳියාව රටක සාමය ස්ථාවරත්වය ගොඩ නැගීමේ දී ඉතා වැදගත්

    ජූනි 19, 2014

    සමාජ සංවර්ධනයේ දී ආගමික සිද්ධස්ථාන සමග සම්බන්ධ වී ප‍්‍රජා සංවිධාන විශාල කාර්යභාරයක් සිදු කරනු ලබන බවත් මේ නිසා ග‍්‍රාමීය ප‍්‍රජා සංවිධානවල කාර්ය භාරය කිසි ලෙසකින් හෝ අවතක්සේරු කළ නොහැකි බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

     

    කුරුණෑගල හිරිපිටිය ධර්ම චන්ද්‍ර පිරිවෙන සඳහා මුල්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් පැවති ජන හමුවේ දී අමාත්‍යතුමා පැවසුවේ ආගමික සංහිඳියාව රටක සාමය ස්ථාවරත්වය ගොඩ නැගීමේ දී ඉතා වැදගත් වන අතර කිසියම් අවස්ථාවක ආගමික සහ ජාතික සංහිඳියාව බිඳී යන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි.


    මේ නිසා සෑම විටම ආගමික ජාතික අගනාකම් ආරක්ෂා කරමින් අන්‍යයන් ගරු කරමින් කටයුතු කිරීම සැම දෙනාගේම වගකීමක් බව තවදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සඳහා ග‍්‍රාමීය ප‍්‍රජා සංවිධානවලට ද විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි වේ. ආගමික හෝ ජාතික වශයෙන් කිසිදු විශේෂත්වයක් නොමැතිව වත්මන් රජය සෑම ග‍්‍රාම නිලධාරී වසමකම අවශ්‍යතා සොයා බලමින් ප‍්‍රාදේශීය සංවර්ධන විෂමතා ඉවත් කිරීම සඳහා කටයුතු කරනබවත් සෑම වර්ෂයකදීම රුපියල් ලක්ෂ 10ක් ගමේ මූලික අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන බවත් මෙහි දී  පැවසීය. මේ ආකාරයෙන් කටයුතු කළ කිසිදු රජයක් ඉතිහාසය තුළ නොමැති බවත් සැමට සමානව සැලකීම අතිගරු ජනාධිපතිතුමා තුළ දක්නට ලැබෙන විශිෂ්ට නායකත්ව ලක්ෂණයක් බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන ලදී.  


    සංවර්ධන වැටසටහන් ක‍්‍රියාත්මක කිරීමේ දී ගමෙන් ලැබෙන ඉල්ලීම් පමණක් සලකා බලන බවත් කිසිදු බාහිර සාධකයක් සලකා නොබලන බවත් පෙන්වා දෙන ලදී. මෙම ක‍්‍රියාවලිය නිදහසින් පසු කිසිදු රජයක් සිදුකර නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිතුමා ගම සංවර්ධනය කිරීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කරන නායකයෙක් බව පෙන්වා දෙන ලදී. පහළින් ඉහළට වන සංවර්ධන සැලසුම් ක‍්‍රියාවලිය තුළ ගම සංවර්ධනය කිරීම සඳහා ගමේ අවශ්‍යතා යෝජනාවක් ලෙස ලබාගෙන එය විධිමත් සංවර්ධන යෝජනාවලියක් වශයෙන් සකස්කර ක‍්‍රියාත්මක කරන නිසා වෙනදා මෙන් කාගේ හෝ පෞද්ගලික අවශ්‍යතාවක් යෝජනාවලියක් වශයෙන් සලකා එය ඉටුකිරීම සිදු නොවන බව පෙන්වා දෙන ලදී. ඒ නිසා සෑම විටම ජනතා අපේක්ෂා ඉටු කිරීමට හැකිවී තිබෙන බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර වත්මන් සංවර්ධන ක‍්‍රියාවලිය පිළිබඳව සතුටුවිය හැකි බව කීය.   


    ග‍්‍රාමීය සංවර්ධනය සඳහා එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 300ක් පමණ වෙන් කර ඇති බවත් ඒ තුළින් ග‍්‍රාමීය අවශ්‍යතා අනුව සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරෙන බවත් ඒ සියල්ල ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති බව අමාත්‍යතුමා මෙහිදී පැවසීය. යුද්ධයෙන් පසු ග‍්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම රජයේ ප‍්‍රමුඛ කාර්යක් ලෙස සලකා කටයුතු කර තිබෙන බවත් ඒ නිසා කිසි දිනක ප‍්‍රතිසංස්කරණය නොවේ යැයි සිතාගෙන සිටි මාර්ග, වැව් අමුණු සංවර්ධනය වී ඇති බවත් පෙන්වා දන ලදී. රජයේ ආර්ථික වැඩපිළිවෙළ තුළ ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂාව බව පැවසීය.


    රජයේ ආර්ථික වැඩපිළිවෙළ නිසා ග‍්‍රාමීය ආර්ථික පුනරුදයක් ඇතිවී ඇති බවත් කොළඹ කේන්ද්‍රීය ආර්ථීකය ක‍්‍රමයෙන් අනෙකුත් පළාත්වලට ව්‍යාප්ත වී ඇති බවත් පෙන්වා දුන් ඇමතිතුමා කොළඹ කේන්ද්‍රීය ආර්ථිකය විමධ්‍යගත කර ඇති බව තවදුරටත් පෙන්වා දෙන ලදී.
       

    HC/NDH

    hiripitiya dharma chandra pirivena 1

    hiripitiya dharma chandra pirivena 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya