Print this page

මහගම සේකර 41 වන සැමරුම මාතර දී

ජනවාරි 12, 2017
‘සේකර නැවත කියවමු‘ මැයෙන් මහගම සේකර 41 වන සැමරුම ජනවාරි 14 පෙ.ව.9.00 ට මාතර - නූපේ පැරණි ඕලන්ද වෙළඳ මධස්ථානයේ දී පැවැත්වේ.
‘සේකර නැවත කියවමු‘ සංවාදාත්මක සහෘද හමුව මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.
 
ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ මෙහෙයවීමෙන් ‘තුංමංහන්දිය‘ සිනමා දර්ශනය හා සංවාදය සිදු කිරීමට නියමිත ය.
 
‘සේකර ගී සැඳෑව‘ ප්‍රවීණ ගේය පද රචක බන්ධුල නානායක්කාර වසම් මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන අතර මහගම සේකරයන්ගේ ජීවන තොරතුරු හා නිර්මාණ දැක්ම සමඟ පොත් ප්‍රදර්ශනය හා අලෙවිය එදින දවස පුරා පැවැත්වීමට නියමිත ය.
 
‘දුරුතු සහෘදයෝ‘ සැමරුම සංවිධානය කරති.
 
AP/DMU-Matara