මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරණි නිර්මාණ සංරක්ෂණය කර පවත්වා ගැනීම අප සතු යුතුකමක්

    ජූනි 18, 2014

    ශ්‍රී ලංකාවට විශිෂ්ට කලා නිර්මාණ දායාද කළ නිර්මාණකරුවන්ගේ පැරණි නිර්මාණ ඉදිරි පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර පවත්වා ගැනීම අප සතු යුතුකමක් වන්නේ යැයි ප්‍රවීණ සං‍ගීතවේදිනි සුජාතා අත්තනායක මහත්මිය පැවසුවාය.


    ඇතැම් කලාකරුවන්ගේ නිර්මාණයන් සංරක්ෂණය වූවද, බොහෝ වටිනා නිර්මාණ අප අතරින් තුරන් වීමේ අවදානමක් පවතින හෙයින් සෑම නිර්මාණයක්ම සංරක්ෂණය කිරීම කාලීන වගකීමක් වන්නේ යැයි ඇය සඳහන් කළාය.


     නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක්, තිරපට රචකයෙක් වූ කලාශූර හර්බට් එම්. සෙනෙවිරත්නයන්ගේ 27වන ගුණ සැමරුම් උළෙලක් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණ. එතුමාගේ ගීත සහිත සංයුක්ත තැටියක් එහිදී එළිදැක්වුණු අතර, හර්බට් එම්. සෙනෙවිරත්නයන්ගේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රාමාත්‍යතුමා අතින් සිදු කෙරිණ.
     

    ඒ නිමිත්තෙන් පැවැති උත්සවයේ දී තවදුරටත් අදහස් පළ කළ සුජාතා අත්තනායක මහත්මිය, “කලාසූරී හර්බට් එම්. සෙනෙවිරත්නයන් නිර්මාණශීලී අයෙක්. ඔහු නිහඬ වුවද නිතරම සෑම කටයුත්තක්ම සොයා බලා උපරිම දායකත්වයෙන් යුතුව ඉටු කරන්නෙක්. ඉතිහාසගත සිද්ධි, බෞද්ධ චරිත ආදිය යොදා ගනිමින් ගීත රැසක් ඔහු නිර්මාණය ක‍ළා. හර්බට් එම්. සෙනෙවිරත්නයන් සේ ම සෙසු කලාශිල්පීන්ගේ නිර්මාණ ඉදිරි පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කිරීම කෙරෙහි කාගේත් අවධානය යොමු විය යුතු යැයි” ප්‍රවීණ සංගීතවේදී සුජාතා අත්තනායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.


    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට චිත්‍රපට අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ, සංගීතඥ නවරත්න ගමගේ, හර්බට් එම්. සෙනෙවිරත්නයන්ගේ බිරිඳ ස්වර්ණා එම්. සෙනෙවිරත්න, පුතු චින්තක එම්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya