අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සතියේ පස්වන දිනය අදයි

    ජූනි 13, 2014
    "කලගුණ සලකමු - මිහිඳු හිමි සමරමු" තේමාව රැගත් මෙවර පොසොන් උත්සවයේ පස්වන දිනය අද (13)යි. 


    අද දිනයේ ද විශේෂ ආගමික වැඩසටහන් රැසක් අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලය යන පූජා භූමි කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරේ.  අද රාත්‍රී 7.00ට රුවන්වැලි සෑ රඳුන් අබියස ධර්ම දේශනයක් පැවැත්වේ. 

     

    ටවර් හෝල් රඟහල පදනම මඟින් ඉදිරිපත් කරනු ලබන බෞද්ධ නාට්‍ය හා බොදු ගී ඇතුළත් විශේෂ වැඩසටහනක් අද සවස 7.30 සිට රාත්‍රී 10.00 තෙක් තන්තිරිමලේ රජමහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

     

    එසේම ඉදිවෙමින් පවතින සඳහිරු සෑය අබියස ලබන 15 වනදා දක්වා කේශ ධාතුන් වහන්සේ හා මුචලින්ද නාග දරණය ප්‍රදර්ශනය කෙරේ. පොසොන් සතියේදී අනුරාධපුරට පැමිණෙන බැතිමතුන්ට පොසොන් තොරණ කිහිපයක් ද දැකබලා ගැනී‍මේ හැකියාව පවතින බව අනුරාධපුර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. 

    NDH/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya