අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්නල "දම්රැස්" පොසොන් කලාපය අද සිට

    ජූනි 12, 2014
    ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ අනුශාසකත්වයෙන් පන්නල නගරය මූලික කරගෙන පියදසුන පදනම විසින් සංවිධානය කරනු ලබන "දම්රැස්" පොසොන් කලාපය අද (12) සිට දින 04ක් පුරා අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
     
    මෙම පොසොන් කලාපය තුළ දර්ශනීය තොරණ, රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් බොදු බැති ගී ගායනා සහ වෙසක් කූඩු තරග පැවැත්වේ. දහම් පාසල් හා විවෘත අංශ වශයෙන් පැවැත්වෙන පහන් කූඩු තරග ජයග‍්‍රාහකයන් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. මෙය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් දන්සැල් ද මෙහි පැවැත්වේ. 
     
    පන්නල ප‍්‍රාදේශීය සභාව, පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම පන්නල ව්‍යාපාරික ප‍්‍රජාව ද මේ සඳහා බැතිබර දායකත්වය සපයයි. 
     
    DB/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya